ලක්සල ... දේශීය අත්කම් කලාවේ මහ ගෙදර. නව මුහුණුවරකින්. වරක් පැමිණ අත් විදින්න. ශ්‍රී ලාංකිය කලාකරුවන්ගේ මහානර්ඝ නිමැවුම් දහස් ගණනින්... ඔබට අවශ්‍ය ඔබේ නිවස සරසා ගන්නටද.. එසේත් නැත්නම් මිතුරෙකුට ත්‍යාගයක් පිරිනමන්නටද.. විදෙස්ගත මිතුරෙකුට ශ්‍රී ලංකාවේ සිහිවටනයක් පිළිගන්වන්නටද... මේ හැම දේකටම ලක්සල දැන් උදේ 9 සිට රාත්‍රී 9 දක්වා විවෘතයි. ලක්සල... ලාංකීය අත්කම් කලාවේ මහ ගෙදර.
ලක්සල.. අපේමය.
ලක්සල ශ්‍රී ලංකා රජයට අයත් එකම ත්‍යාග හා සිහිවටන අලෙවි මධ්‍යසථානයයි. එය 1982 දී පාර්ලිමේන්තු පණතක් මගින් පිහිටුවනු ලැබීය. එදා සිට අද වන විට ලක්සල අලෙවි
භාණ්ඩ රැසකින් යුක්තව දිවයින පුරා ශාඛා 10 ක ජාලයක් ලෙස විහිදී පවතී. කෙමෙන්
නවීකරණය වූ ලක්සල අද ජාත්‍යන්තර ප්‍රමිතියකින් යුතු අංග සම්පූර්ණ ප්‍රධාන අලෙවි
හලකින් යුක්තව ශ්‍රී ලංකාවේ විවිධ ත්‍යාග හා සිහිවටන භාණ්ඩ ලක්වාසී හා විදේශීය
දහස් ගණනකගේ අවශ්‍යතා සපුරමින් සිටී. ලක්සල අලෙවි හල් එසේ අලෙවි කරන්නේ දිවයින
පුරා විහිදී සිටින දහස් ගණනක්වූ දේශීය අත්කම් භාණ්ඩ නිෂ්පාදකයන් ගේ ලක්ෂයකට
අධික පවුල් සාමාජිකයන් ද ජීවත් කරවමිනි.
අප රටේ ජීවත්වන දහස් ගණක් වූ පාරම්පරික අත්කම් භාණ්ඩ නිෂ්පාදකයනට සුපුරු
අලෙවි මධ්‍යස්ථානයක දොර හැර දෙමින් ඔවුනගේ අත මිට සරු කිරීම ලක්සල ප්‍රධාන අරමුණ
වන්නේය. පාරම්පරික පිත්තල හා රිදී කැටයම් කරුවන්ගේ අනර්ඝ නිමැවුම් මෙන්ම, මැණික්
හා ස්වර්ණාභරණ නිර්මාණ කරුවන්ටද, ලාක්ෂා කර්මාන්ත හා සම්ප්‍රදායික වෙස්මුහුණු
කැටයම් කරුවන්ට ද තම අනගි නිර්මාණ විදේශිකයනට සාධාරණ මිළකට අලෙවි කරවා ගෙන ඉහල
ආදායමක් ලබා ගැනීමට අවස්ථාව සලසා දී ඇත.
බතික් රෙදිපිළි මෙන්ම සම්භාණ්ඩ නිෂ්පාදකයන් ද තම අනගි නිෂ්පාදන ලක්සල
වෙළදපලට එක් කර ඇත. පන් කර්මාන්තය, තල්කොළ හා හණ කර්මාන්තය මෙන්ම අතීත උරුමය
සිහිපත් කරවමින් කිතුල් මල් රැහැණින් වියාගත් විවිධ ඇසුරුම් ද ලක්සල තුලදී මිළදී
ගත හැක. ශ්‍රී ලංකාවේ ඉස්තරම්ම තේ නිෂ්පාදන සිත්ගන්නා සුලු ඇසුරුම් වලින් නිමවී ත්‍යාග
දීමේ අංගයක් බවට පත්වී තිබෙන අයුරු ද, නොයෙකුත් කුලුබඩු වර්ග, කිතුල් පැණි හා කජු
ආදී නිෂ්පාදන ද ත්‍යාග භාණ්ඩ බවට පත්වී ලක්සල තුල ඇත. එමෙන්ම දේශීය නිෂ්පාදකයන්ගේ
ගෘහ කර්මාන්තයන් ලෙස වැඩි දියුණු කර ඇති රෙදි නිමැවුම්, කඩදාලි පල්ප් නිමැවුම්, ලී
ක්‍රීඩා භාණ්ඩ ආදිය ද මෙහි අලෙවි කිරීම තුළින් එම නිෂ්පාදකයනට ද වටිනා වෙළදපොලක්
සපයා දී ඇත.
Laksala
Laksala
is the only State owned Gift & Souvenir Boutique and was established under
the National Crafts Council And Allied Institutions Act,
No. 35 of 1982. Since then Laksala has witnessed numerous changes with
an ever growing list of products on sale. Today Laksala operates through 10branches
located island wide and offer the widest variety of all Sri Lankan products at
a reasonable price. Most importantly, Laksala enables the numerous industries
that supply goods to it to stay both profitable and in business.
Today you will
find an eclectic blend of items ranging from selections of beautifully packaged
tea and spices to, colourful batik ware to an elaborate collection of art and
craft as well as the finest collection of traditional Sri Lankan Gems and
Jewellery. Laksala is therefore your one stop guide and a visit to one of our
stores feels like you visited ‘all of Sri Lanka’!
Subscribe to:
Posts (Atom)